Colombo Today Local News

මල මිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහින දකිනවා – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර වූ චීන රජයට විරුද්ධව නිහඩ විරෝධතාවයක් 2020/06/08 වන දින පවත්වන්නට කටයුතු සූදානම් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ මහතා අප වෙත පැවසූවේ කෝරෝනා වෛරසයෙන් මුලු ලෝකයම මේ අවස්ථාවේ අසරණභාවයට පත්ව ඇති බවයි. දහස් ගණන් මිනිසුන් මියගොස් තවත් දහස් ගණනක් වූ මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති මේ අවස්ථාවේ මලමිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහිනය දකින බවයි.

ඔහු වැඩිදුරටත් පැවැසූවේ චිනයේ වූහාං නගරයෙන් ආරම්භ වූ ‌කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය චීනයේ නොසැළකිල්ල නිසා ලොව පුරා ව්‍යාප්ත වූ බවයි. චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට ඇත්තේ කිලෝමීටර 4300 ක දුරක් බවත් ඇමරිකාවට ඇත්තේ වූහාන් සිට කිලෝමීටර 11859 දුරක් බවත් චීනයේ බීජිං නුවරට වූහාන් සිට කිලෝමීටර 1153 ක් දුරක් තිබුනද කොරෝනා වෛරසය චීනයේ බීජිං නුවරට ව්‍යාප්ත වූයේ නැති බවයි. ඒ අනුව පෙනී යන්නේ තම රට තුළ කොරෝනා ව්‍යාප්තියට ඔවුන් වැට බැද ලෝකය පුරා කෝරෝනා ව්‍යාප්ත වෙන තෙක් බලා සිටි බවයි. මුල් අවස්ථවේ චීන රජය කොරෝනා වෛරසය පිළිබදව ලෝක සෞඛ්‍යට සංවිධානයට සත්‍ය තත්වය වසන් කල බව ද ඔහු පැවැසීය.

මීට පෙර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවූයේ චීනයේ වරදින් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණු අතර චීනයට විරුද්ධව රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස දන්වමින් සිවිල් නඩු විධාන සංගහයේ 461 ක යටතේ නීතිඥවරයෙකු මගින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැන්වීමක්ද යවා තිබුණි. එම දැන්වීමේ සදහන්ව තිබුණේ මාසයක කාලයක් තුළ පියවර නොගතහොත් ආණ්ඩුක්‍රම විවස්ථාවේ 140 වගන්තිය යටතේ අභියාචනාධිකරණයෙන් රීට් ආඥ්ඥාවක් ලබා ගන්නා බවයි.

Related posts

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

අලුත්කඩේ ඉර්ෂාඩ් ඝාතනය කර සිරුර කැලණියේ දමා ගිහින්. විමර්ශන්‍වලදී කරුණු රැසක් හෙළිවෙයි

colombotoday

රණවිරුවන්, විධායක ජනපති ක්‍රමය, 20වන සංශෝදනය පිළිබඳව විමල්ගෙන් සැර කතාවක්

colombotoday

පෙට්‍රල් – බොරතෙල් ගොඩබෑම අද අරඹයි

colombotoday

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday