Colombo Today Local News

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කර ඇති නියෝගයකට අනුව සියළු ප්‍රදේශවල විදුලි මනු කියවන්නන් හෙට සිට බිල්පත් බෙදාහැරීමට නිවෙස් වලට යාමට නියමිතය.

ජනරාශිය නැවත්වීම සදහා රජය පියවර ගෙන තිබියදී 4000කටඅධික මනු කියවන්නන් ගෙයින් ගෙට යාම හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඇති අවදානම සළකා මෙය නවත්වන්නැයි එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා ජනාධිපතිවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇත.
විදුලි මනු කියවන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා එය වැදගත්වන බවද ඔවුහ පෙන්වා දෙති.

තවදුරටත් හෙට දිනයේ වයඹ පලාතේ බිල්පත් කවුන්ටර විවෘත කිරීමට ද ලංවිම පාලනාධිකාරිය නියෝග කර ඇතැයි වාර්තා වේ.

කොරෝනා අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති වයඹ පළාතේ බිල්පත් කවුන්ටර විවෘත කරනවා වෙනුවට බිල්පත් ගෙවීම සදහා සියලු විදුලි පාරිභෝගිකයින්ට සහන කාලයක් ලබා දිය හැකිය.

Related posts

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනයට රටඉදි තොග ගණන් ගෙන්වා බෙදාහරින්නැයි අගමැති නියෝග කරයි

colombotoday

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

Admin