Colombo Today Local News

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල් හා සසදන කළ සාපේක්ෂව බොහෝ අංශ වෙතින් පසුබෑමකට ලක්ව තිබුනද මත් පැන් පානය අතින් වෙනත් රටවල් අභිබවා ඉහළ ස්ථානයක් ලබා ඇති බව මත් පැන් පානය පිළිබද ජාතික සමීක්ෂණයෙන් පසු හෙළිව ඇත.

ඒ අනුව මෙරට ජනගහනයෙන් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනෙකු(3035143) මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් දසලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනෙකු (1063383) දිනපතා මධ්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය,මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව මෙම සමීක්ෂණය සිදුකර ඇත.

මෙම සංගණනයට අනුව මත්පැන් පානය කරන පිරිමි සංඛ්‍යාව 3014557 කි.

කාන්තාවන් 20586 දෙනෙකු මධ්‍යසාර ලබා භාවිත කරන බව හෙළිව තිබේ.

Related posts

කමල් මාලිමාව හැරදා යයි

Admin

පිටකොටුව, වේල්ල වීදියේ, සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කුමණ්ත්‍රනයක්

Admin

පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

Admin

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday