Colombo Today Local News

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

ශ්‍රී ලංකා නිදහස් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට ශක්තියක් වූ බවත් ජනාධිපතිධුරයේ සිටි තමන්ට වූ දේ  ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුව ඇති බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු බලය ලබාගැනීමට එක්ව තරග කරන බවත්  ඔහු ඊයේ (18දා) පොලොන්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා සිටියේය.

“මම පාර්ලිමේන්තුවට ගිහින් මේ දක්වා වසර තිහක් ජනාධිපති ධුරයත් එක්ක. මේ දිස්ත්‍රික්කයට රැකි රක්ෂා තිස් දාහකට වැඩිය දීලා තිබෙනවා. ඒ කරපු කැප කිරීම් එක්ක අද වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක තමුන් නන්සේලා අපි හෙට දවසේ කුමක් කළ යුතුද කියන කාරණාව අවධානයට ගන්න  ඕනේ.

16දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජයග්‍රහණය කළ. එකට අපි සියලු දෙනා කැප වුණා. සහයෝගය දුන්නා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණත් එක්ක අපි ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ජයග්‍රහණයට අපි වැඩ කරනවා කියලා.ඒ වගේම අපි වැඩ කළා. අපි 2018 පළාත් පාලන මැතිවරණයේදී ගත්ත ඡන්ද ලක්ෂ දහහතට  වැඩි ගණනක් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය පැහැදිලි ලෙසම ශක්තියක් වුණා.

සමහර අය ඒව කියන්නේ නෑ, නමුත් දේශපාලන ව්‍යාපාරයකදී රටක් ගොඩ නගන්න සන්ධාන පෙරමුණු සංකල්පය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ රටට ආදරය කරන හැම කෙනෙක්ම එකට එකතු වෙලා හදන ආණ්ඩුවක් එක තමයි එකේ සරල අදහස. මාර්තු මාසයේ තුන්වැනිදා පාර්ලිමේන්තුව විසිරෙනවා. අප්‍රේල් මාසේ අන්තිමේ පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා. අපි එකට එකතුවෙලා හදලා තිබෙන ගිවිසුම් අනුව අපි සියලු දෙනාම ඒ මැතිවරණය එකට තරග කරනවා.

අද ගෝඨාබය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. මම ජනාධිපතිධුරයේ ඉදලා අවේ එතුමාටත් වෙලා තියෙන්නේ මට වෙච්ච දේ. මම ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු බලය මට නෙමෙයි තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට 142 ක් තිබුණා. පාර්ලිමේන්තුවේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළා. එයාට 47 යි තිබුණේ. නමුත් ඒ පළවෙනි අවුරුද්දේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 අගෝස්තු මහා මැතිවරණය එනකම් මට සහයෝගය දුන්න.

 ඒ නිසා අවශ්‍ය අනපනත් රාශියක් පාර්ලිමේතුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරන්න පුළුවන් වුණා. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ එකට එකතු වෙලා වැඩ කරන්නේ. අප්‍රේල් මාසයේ පවත්වන මැතිවරණයේදී අපි වැඩි බලයක් අරගෙන තුනෙන් දෙක වැඩි බලයක් පෙන්වන්න ජයග්‍රහණය කරන්න ඕනේ.”

Related posts

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

colombotoday

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday