Colombo Today Local News

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසයි.

ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයන් හි වම්පස තිබෙන පළමු හා දෙවන මංතීරු බස්රථ, යතුරුපැදි හා ත්‍රීරෝද රථ සඳහා වෙන්ව කර ඇති අතර මංතීරු තුනක් ඇති මාර්ගවල වම්පස පළමු මංතීරුවේ බස් රථවලට ගමන් ගත හැකි අතර, දෙවන මංතීරුවෙන් ඉස්සර කර ඉදිරියට යා හැකි බව ද ඒ මහතා කියා සිටියේය.

මෙයින් අනෙකුත් වාහනවලටත් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකිවෙනු ඇතැයි මෙයින් අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ප්‍රමුඛතා බස් මංතීරුව ඇතුළුව මංතීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුව අද පස්වන දිනටත් ක්‍රියාත්මක වේ.

අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්‍රියාත්මක ය.

මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී දර්ශන මඟින් රථවාහන ගමනාගමනය නිරීක්ෂණය කෙරුණු අතර ඊට ගුවන් හමුදාවේ සහාය ද හිමිවිය.

කෙසේවෙතත් බස් මංතීරුවේ ම පමණක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනයට අනිවාර්ය කර තිබීම නිසා තමන් අපහසුතාවට පත්වන බවට ඇතැම් රියදුරන් සඳහන් කළේය.

මේ පිළිබඳව සැලකිල්ලට ගනිමින් අද දිනයේ සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව පොලිසීය පවසයි.

Related posts

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

සීනි ටොන් 3500 ආපසු යවයි – ගොඩ බෑමට රජය අවසර නොදෙයි

colombotoday

සෝභිත හිමිගේ දේහය ඉදිරිපිට මොනවා කිවුවත් මීළග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත‍්‍රීමයි

colombotoday

භාණ්ඩාගාරයට බදු නොදුන් අයතන සේවකයන්ට නිවාඩු දීමනා ගෙවීම අත්හිටුවයි

Admin

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday