30 C
Colombo
5 April 2025
Colombo Today Local News

බෝම්බ ප්‍රහාරයට වීඩියෝවකින් සතුට පලකළ වව්නියාවේ මව්ලවි අරාබි රටක දේශපාලන රැකවරණ ඉල්ලයි…

පාස්කු ඉරිදා (21)  මුස්ලිම් අන්තවාදීන් පිරිසක විසින් සිදු කරන ලද බෝම්බ පිපිරවීම සාධාරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මවුලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා තිබේ.

පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ භාරකාර මවුලවිවරයා වන වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පදිංචි එම්.නවුමාන් නමැත්තා බෝම්බ පිපිරීමේ සිද්ධියට පසු දිනයේදී එය සාධාරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සඳහා සිදුකළ ප‍්‍රහාරයට තම ගෞරවය හා ප‍්‍රණාමය ද පුදකරන බව එම වීඩියෝව හරහා ඔහු ප‍්‍රකාශ කළේය.

තමන් දැඩි සතුටට හා අමන්දානන්දයට පත්ව සිටින බවත් ලෝකයම ඉස්ලාමීය දේශයක් කරා ගෙන යෑමේ සටන ප්‍රහාරයත් සමග ලංකාවේ ද ආරම්භ වී ඇති බවත් වවුනියාවේ මවුලවිවරයා එහි පවසා තිබුණි.

මේ සිද්ධියෙන් පසු උතුරේ දෙමළ සංවිධාන කීපයක්ම ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පරීක්ෂණ හා මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ ද ඔහු ඒ වන විටත් මක්කම වන්දනාව සඳහා පිටත්ව ගොස් තිබුණි.


ඔහු පැමිණි විගස අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද පොලිසිය විසින් ලබා ගෙන ඇති අතර ගුවන් තොටුපළ ආරක්ෂක අංශවලට ද ඒ බව දැනුම් දී තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්වීමෙන් ගැළවීම සඳහා මවුලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා ඇත. මේ සඳහා වවුනියාවේ මුස්ලිම් දේශපාලනඥයින් තුන්දෙනකුගේ ද සහය මවුලවිවරයාට ලැබී තිබේ. එම මවුලවිවරයා එම මුස්ලිම් දේශපාලනඥයින්ගේ ඥාතියකු හා ආධාරකරුවකු බවද සඳහන්ය.

Related posts

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

colombotoday

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

colombotoday

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday