Colombo Today Local News

බේරුවල කුඩු ජාවාරම්කරුගේ සේවකයන් 5 ක් පලා ගිහින්

බේරුවල කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ට්‍රෝලර් යාත‍්‍රාවල සේවය කළ පුද්ගලයන් පස්දෙනකු එම පළාතෙන් පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් හෙළි වී තිබේ.

මත්කුඩු කිලෝ 230 කට අධික ප්‍රමාණයක්‌ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිසියට කොටු වීමෙන් පසු තොරතුරු හෙළි කරනු ඇතැයි බියෙන් මෙම පස්‌දෙනාම මෙසේ පලා ගොස්‌ තිබේ.

කාලයක්‌ තිස්‌සේ මසුන් අල්ලන මුවාවෙන් මෙම මත්කුඩු ජාවාරම කරගෙන ගිය මෙම කල්ලියේ ප්‍රධානියා වන දුලිප් සිල්වා නමැති ට්‍රොaලර් යාත්‍ර හිමියාගේ බාල සොහොයුරා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන්a අත්අඩංගුවට ගෙන ඇත. මොහුගේ දේශීය බැංකු ගිණුම් පිළිබඳ පරීක්‌ෂණ පවත්වාගෙන යන අතර මත්කුඩුවලින් මොහු ලබන ආදායම රුපියල් කෝටි ගණනක්‌ වන බව පොලිසිය කියයි.

Related posts

“ඒකාබද්ධ විපක්ෂයේ” 6ක් ආණ්ඩුවට.. ඇමති ධුරත් සූදානම්!

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

නැවත දැනුම්දෙන තුරු නුවර රජයේ පාසල් වසා දැමේ

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday