Colombo Today Local News

බෙදුම්වාදයට ගෝඨාගෙන් ඉඩක් නෑ – TNA – ගෝඨාභය සාකච්ඡා ඵල රහිතයි !

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අතර කොළඹදී පැවැති සාකච්ඡාව ඵල රහිත බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කොට සිටිති.

උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණේ ජනතාවටත් මුහුණදීමට සිදුව ඇති බොහෝ ප‍්‍රශ්න එක හා සමාන බවද මේ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කොට තිබේ.

සාකච්ඡාව අවසානයේදී ඒ දෙදෙනාම පවසා ඇත්තේ ඔවුන්ගේ ඉදිරි රජය තුළින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට අපේක්‍ෂා කරන බවයි.

මේ සාකච්ඡාවෙන් පසුව සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් සාකච්ඡා වූ දේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ඒ පිළිබඳව ඔහුගේ දැඩි නොසතුට ප‍්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු පවසති.

යළිත් වරක් ගෝඨාභය රාජපක්‍ෂ සමග උතුරු නැගෙනහිර අර්බුදයට ලබාදෙන විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඵලක් නොමැති බවත් රාජපක්‍ෂ පරම්පරාවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හෝ ඔවුන්ට සහනයක් නොලැබෙන බවත් මේ අවස්ථාවේදී ආර්. සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කොට තිබේ.

Related posts

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

colombotoday

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනි

colombotoday

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday