Colombo Today Local News

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතයක්… රට පුරා අදත් මහ වැසි…

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයාමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසී ය.

එහි නායයාම් අධ්‍යන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ගාල්ල කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

Related posts

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

colombotoday

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin