Colombo Today Local News

බැරි බැරි ගාතේ යන ආණ්ඩුව වහාම විසුරුවා හැරිය යුතුයි

රටේ අද උද්ගතවී තිබෙන තත්ත්වය අනුව යහපාලන ආණ්ඩුව වහාම විසුරුවා හැරීමට කි‍්‍රයාකිරීම නුවණට හුරු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පැවැසීය.

ආණ්‌ඩුව මේ දක්‌වා මහජනතාව වෙනුවෙන් කළ දෙයක්‌ නැතැයිද අද වැඩිපුර අසන්නට ලැබෙන්නේ හොරකම් වංචා දූෂණ හා කොමිස්‌ ගැසීම් බවද හෙතෙම පැවැසීය.

දිනෙන් දින ජීවන වියදම ඉහළ යනවා මිසක්‌ මහජනතාවට සහනයක්‌ දීමට මෙතෙක්‌ ඉදිරිපත් නොවීම ගැන කනගාටු වන බවද මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“අද ආණ්‌ඩුව ගැන රටේ බොහෝ දෙනකු කලකිරීමෙන් ඉන්නේ. හැම ක්‍ෂේත්‍රවලම අය අද අසරණ වෙලා. ආණ්‌ඩුව බැරි බැරි ගාතේ යනවා. දැන් කළයුතු එකම දෙය වන්නේ ආණ්‌ඩුව වහා විසුරුවා හැරීමට ක්‍රියා කිරීමයි. රටේ මහජනතාව අද මහ ඡන්දයක්‌ බලාපොරොත්තු වෙනවා.”

Related posts

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

අනුරුද්ධ සම්පායෝ අධිකරණයට රැගෙන එයි

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin

කිහිපදෙනෙක් එක්ව 24 හැවිරිදි තරුණයෙක් ඝාතනය කර‍යි

Admin