Colombo Today Local News

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ වීමේ හේතු මෙන්න

බස් ප‍්‍රමුඛතා මංතීරුවේ යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ ධාවනය කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ බස් සඳහා කාලය වෙන් කර ඇති අවස්ථාවේ ත්‍රීරෝද සහ යතුරුපැදි බස් මංතීරුවේ ගමන් කරවීමට අවස්ථාව දීම බරපතල ගැටලුවක් බවයි. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් බස් රථ ඉස්සර කිරීමට වම් පසින් හෝ දකුණු පසින් එකවර ගමන් කිරීමෙන් අනතුරු වැඩි වශයෙන් සිදුවිය හැකි බවත් සඳහන් කළා.

මෙම තීරණය අඛණ්ඩව කි‍්‍රයාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කළු, නිල්වලා සහ ගිං ඟගේ ජල මට්ටම ඉහළට : පහළ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

colombotoday

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව. වගා කරන්නත් රජයේ සහය

colombotoday

ෆයිසර් ඒන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin