Colombo Today Local News

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම සිසුන් අතට… ගුරුවරුන්ට කට වහගන්නැයි බලධාරීන් දන්වලා !

මේ දිනවල පැවැත්වෙන පාසල් දෙවන වාර විභාගයේ බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍ර බොහෝ ප්‍රමාණයක් විභාගයට පෙර විශේෂ සම්මන්ත්‍රණ මගින් සිසුන් අතට පත්ව තිබෙන බවට වාර්තා වනවා.

අද දින පැවැත්වෙන ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ සියළුම උත්තර සිසුන් විසින් රහසිගත ලෙස කොළවල ලියාගෙන විභාග ශාලාවලට පැමිණ සිටි බව විභාග ශාලා වල සිටි ගුරුවරුන් බොහෝ දෙනෙකුගෙන් අප වෙත වාර්තා වී ඇත.

සිංහල ඉංග්‍රීසි සහ විද්‍යාව ගණිතය වැනි විෂයන් ද මේ ආකාරය පිට වී තිබූ අතර බොහෝ සිසුන් උත්තරපත්‍ර ගෙදරින් ලියා ගෙන පැමිණි තිබූ බව බස්නාහිර පළාතේ පාසල් කිහිපයකින්ම වාර්තා විය.

බොහෝ සිසුන් පවසන්නේ “අපට මේ පේපරේ සෙමිනා එකෙන් ලැබුණා“ යනුවෙනි. ජයවර්ධනපුර කොළඹ පිලියන්දල කලාප කාර්යාල නියෝජිතවරුන් ගෙන් විමසූ විට අපට දැනගන්නට ලැබුණේ ප්‍රශ්න පත්‍ර අඩංගු සී ඩී තැටි කොහෙන් හෝ නිකුත් වී ඇති බවත් ඔවුන්ට ඒ සඳහා වග කිව නොහැකි බවයි.

ගුරු සංගම් නියෝජිතයකු අප හා පැවසුවේ මේ පිළිබඳව සාක්ෂි සහිතව දැන දැනත් බලධාරීන් මේ සියලු විභාග පවත්වන බවයි. මේ පිළිබදව අදාල බලධාරීන් දැනුවත් කිරීමට ගුරුවරුන් කටයුතු කර ඇතත් ඔවුන්ට නිහඩව සිටින්නැයි බලධාරීන් පවසා ඇති බවද දැනගන්නට ලැබී තිබේ.

සිසුන් රහසිගතව සටහන් කරගෙන ආ උත්තර පත්‍රිකා කිහිපයක් මෙහි දැක්වෙයි.

Related posts

රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට අලි ගහලා..

Admin

මිලියන 18848ක මෙහෙයුම් අලාභයක් ලබන තෙල් සංස්ථාව සී.සී.ටී.වීවලට ලක්ෂ 500ක් වැය කරලා

colombotoday

ඇමති මලික් සමරවික්‍රම, ජනපතින් අන්දවා සිංගප්පූරුවට රට පාවා දෙයි !

colombotoday

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

colombotoday

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

colombotoday