Colombo Today Local News

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

අද (08)දින උදැසන 05.00න් අවසන් වූ ගත වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ වැටලීම් වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේය.

හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා, අයිස්, මාවා ඇතුළු මත් ද්‍රව්‍ය සමග අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලමිපිටිය, පෑලියගොඩ, බ්ලූමැන්ඩල්, කටුනායක, ගම්පහ, ගල්කිස්ස, කිරිදිවෙල සහ සීදුව යන ප්‍රදේශවලදී එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

Related posts

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

මුස්ලිම් ජනතාව බදියුදීන්ට ගල් ගසා පන්නයි.. වාහන තුනකට හානි

colombotoday

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

අද ඩොලරයේ විකුණුම් මිල රු.349යි

Admin

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin