Colombo Today Local News

බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට

බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන්අද (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවසිය.

වැල්ලවත්ත ,මට්ටකුලිය යන ප්‍රදේශවල රැකියා වල නිතරව සිට ඊයේ (30) දින මෙම පිරිස හැටන් දික්ඔය, නොර්වුඩ් සහ හැටන් කොටගල යන ප්‍රදේශවලට පැමිණ ඒ පිලිබදව හැටන් පොලිසියේ නිලධාරින්ට හෝ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දිමකින් තොරව සැගවි සිටියදි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් මත මෙම පිරිස සොයාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.

තම බලප්‍රදේශයෙන් පිටත වතුකරයට පැමිණ සැගවි සිටින පිරිස සම්බන්ධයෙන් ඔහුන් පදිංචිව සිටින බලප්‍රදේශයේ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

Related posts

නාමල්ට පත්තු වෙන අලුත්ම නඩුව?

Admin

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin