Colombo Today Local News

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

බන්ධනාගාර රැඳවියන් පිරිසක් අධිකරණ සංකීර්ණයේ සිට යළි කළුතර බන්ධනාගාරය වෙත රැගෙන යාම සඳහා බන්ධනාගාර බස් රථයට නංවන අතරතුර දී සැකකටයුතු පාර්සලයක් ඒ දෙසට විසි කළ පුද්ගලයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම ඊයේ (27)දින දහවල් සිදුව ඇත.

අදාළ පුද්ගලයා එය විසිකර පළා ගොස් ඇති අතර එහිදී ඔහුව ලුහුබැඳ ගිය බන්ධනාගාර නියාමකවරයෙකු එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සිදුවූ පොරබැදීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු කළුතර දකුණ පොලිසියට භාරදීමෙන් අනතුරුව රඳවා තබා ගෙන ප්‍රශ්න කරනු ලබයි.

Related posts

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

ආණ්ඩුව 20 ගැන අදහස අතහැරගනී.. පුංචි ඡන්දය දෙසැම්බර් 9 වැනිදා !!

colombotoday

අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

colombotoday

මම ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා

Admin

එජාප, ටීඑන්ඒ ඇතුළු බටහිර බලවේගවල බළල් අතක් බවට ජවිපෙ පත්වෙලා… 20 සංශෝධනය ගෙන්නේ අගමැති රනිල්ට විධායක බලය දෙන්නයි…

colombotoday

මුල­තිව් කුරු­ඳු­මලේ විහා­ර භූමියෙන් ශිලා ලිපි­යක කොට­සක් සොයා ගනියි.

colombotoday