Colombo Today Local News

ආණ්ඩුව 20 ගැන අදහස අතහැරගනී.. පුංචි ඡන්දය දෙසැම්බර් 9 වැනිදා !!

සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතකර ගැනීමේ අදහස අත්හැර දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බව පැවසේ.

එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකිස් සම්මත කිරීමකට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇතැම් නීදි විශාරදයින් රජයට දැනුම්දී තිබෙන නිසා 20 සම්මත කර ගැනීම අතහැර දැමීමට රජය තීන්දු කර ඇත.

මේ අතර, විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුණහොත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීම දෙසැම්බර් මස නව වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම ඡන්දයේ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර මස දෙවැනිදා සිදු කරන අතර නාමයෝජනා බාර ගැනීම ඔක්තෝබර් 16 ත් 23ත් අතර කාලයේදී සිදු කරන බව ද දේශප්‍රිය මහතා පවසයි.

Related posts

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

colombotoday

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

ෆේස්බුක් සාදයේදී කොකේන් ඇද්ද ටෙලි නිළිය ඇතුළු 17ක් රිමාන්ඩ්

colombotoday

නුවරඑළියට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Admin

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

colombotoday