Colombo Today Local News

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

පොළොන්නරුව, සේවාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි වැදීමකින් රෝහල්ගත කර තිබෙනවා.

එම පුද්ගලයාව රෝහල්ගත කළ බවට ලද තොරතුරක් අනුව පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 46ක් වූ සේවාගම පදිංචිකරුවෙකි.

තුවාලකරු වඳුරන් පැන්නීමට තම බලපත්‍ර සහිත බෝර 12 ගිනිඅවිය රැගෙන ඉඩමේ යමින් සිටිය දී පය පැටලී ගිනිඅවිය ක්‍රියාත්මක වී වෙඩිවැදීම සිදුව ඇති බවට ඔහුගේ බිරිඳ විසින් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

තුවාලකරු ව්‍යාපාරික ණය හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවු බවට අනාවරණය වී ඇති අතර, මේ හේතුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය සැකකරයි.

Related posts

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මග ගැන ජනපති ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිකරණ සමුළුවට කියයි

Admin

වෛරසය පෙන්නා අයේෂා රිෂාඩ්ට සහ පියාට ඇප ඉල්ලයි. | අධිකරණය ඇප ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරයි.

colombotoday

නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

Admin

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin