Colombo Today Local News

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

pohoraවසර 10කට පසුව පොහොර සමාගම් වලට තමත් විසින් නියම කරණ මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමේ අවස්ථාව ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ පටන් හිමිව තිබේ.

පොහොර සහනාධාරය යටතේ වී ගොවීන්ට රුපියල් 500කට පොහොර හොන්ඩරයක් හා තේ ගොවීන්ට රුපියල් 1300ට පොහොර හොන්ඩරක් මිලදී ගැනීමට අවස්ථාව හිමිව තිබුණ අතර ඒ සඳහා අවශ්‍ය මුදල් රජය විසින් පොහොර සමාගම් සඳහා ගෙවන ලී.

එහෙත් අයවැයි මගින් පොහොර සහනාධාරය වෙනුවට මුදල් වව්චරයක් ලබාදීමට ගත් තීරණයක් සමග පොහොර සමාගම්වලට රජය විසන් ලබාදුන් මුදල් අද මධ්‍යම රත්‍රියේ පටන් නවතා දැමුනි.

මේ අනුව විවෘත වෙළදපොල තුළ පොහොර හොන්ඩරයක් අලෙවි මිල රුපියල් 3000 දක්වා වර්ධනය විය හැකි බවද වාර්තාවෙයි.

සහනාධාරය සඳහා ලබාදෙන මුදල් ගොවිජන බැංකු හරහා ලබාදීමට ගොවිජන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී තීරණය වී තිබේ.

Related posts

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday

පොල් පැළ හිගයක්. 2020 වසරේදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන්වලින් පැළ ලක්ෂ 20ක් නිකුත් කරලා.

colombotoday

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin