Colombo Today Local News

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියන් හා සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇ‍ත.

අත්අඩංගුවට ගත් බාලයවස්කාර දැරියක් පරිවාස බාරයට පත්කිරීමට නියෝග කර ඇත.

ඊයේ (09)දින පෙරවරුවේ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගංජා ජාවාරමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අටලුගම, මාරාව ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී එම නිවසේ සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කර තිබුණි.

පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා සැරයන්වරියක් සහ කාන්තා කොස්තාපල්වරියක් තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළව ඊයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු පොලීසියට බාරවී තිබුණි.

Related posts

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin

බන්ධනාගාර කැරලි මර්දනයට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධ විශේෂ ඒකකයක්

colombotoday

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

ආරක්ෂාව තහවුරුයි.. සිංහල සිසුන් යාපනේ නොයනවානම් පොලීසියට කරන්න දෙයක් නෑ – පොලිස්පති

colombotoday