Colombo Today Local News

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

ආණුඩුවේ අරමුදල් උපයෝගී කරගෙන හෝ වතු කම්කරු වැටුප රුපියල් 1500/- දක්වා වැඩි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයී.

ජනාධිපතිවරණ ජන රැළි මාලාවේ හැටන් නගරයේ ප්‍රධන බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (20දා) පස්වරුවේ  පැවති ජන හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ වතුකරයේ ලක්ෂ 12 කට පුරවැසිභාවය ලබා දුන්න එක මම මේ අවස්ථාවේ මතකු කරනවා.

අපේ වතු කම්කරු ජනතාවට කොපමණ මුදලක්ද ලැබෙන්නේ. දවසකට හත්සියයක් හෝ හත්සිය පනහක්. ඒ මුදලට මාසයකට වැඩ කරන්න වෙන්නේ දින 20 යි.අපි නිකමට හත්සීයයි කියල කියමු. මිත්‍රවරුණි දවසකට 700/- ගානේ මාසයකට රුපියල් 14,000/-යි.

ආණ්ඩුවේම ජන හා සංඛ්‍යා ලේබණ දේපාර්තමේන්තුව කියනවා පනස් දහසත්, පනස් පන්දහසත් අතර මුදලක් ඕන හතර දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න කියලා. ඒ සංඛ්‍යා ලේඛණය දැන දැනම වතු කම්කරුවන්ට දෙන්නේ හත් සියයක් නම් ඒක මහා පාපකාරී වැඩක් විදියටයි මම දකින්නේ.

මම කොහොම හරි කරලා ආණ්ඩුවේ අරමුදල් හරි උපයෝගී කරගෙන ආදරණීය වතු කම්කරු ජනතාවට අඩුම ගාණේ දවසක දීමනාව 1500/- කරන්නට අපි ඇප වෙනවා, කැපවෙනවා.”

Related posts

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

ඉසුරුපායේදී පොලිසියේ තුනක් කැපුවේ බුද්ධි අංශෙන්?

Admin

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

colombotoday

යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday