World

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

ප්‍රංශයේ පැරිස් නුවරට ආසන්න සේන් ඩෙනිස් ප්‍රදේශයේදී අද (18) උදෑසන වෙඩි තැබීමක් සිදු වී ඇත. ඉකුත්දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සොයා ප්‍රංශ පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ එම සෝදිසි කිරීමක් අතරතුරදීයි. ඇති වූ ගැටුම් වලදී දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෙන් ඩෙනිස් ප්‍රදේශයේ සියලු මාර්ග වසා දමා තිබෙන අතර ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වනවා. මේ අතර ප‍්‍රංශයේ පැරිස් නුවර වෙත පියාසර කරමින් තිබූ එයාර් ෆ‍්‍රාන්ස් ගුවන් සේවයට අයත් යානා දෙකක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ගොඩබස්වා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

Related posts

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවදිගෙන් බන්ධනාගාරයකට ප්‍රහාරයක්

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday