Colombo Today Local News

“පවතින ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන්න ජනපති දැඩි ස්ථාවරයක” – ඇමති මංගල

mangala samaraweeraපවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුළා දමා නව ව්‍යවස්ථාවක් ගේන ආ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

පසුගිය ජනවාරි 09වන දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතු කරමින් කළ ප්‍රකාශය දේශපාලනිකව ඉතා වැදගත් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ තුළම නව ව්‍යවස්තාව සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ද අඩංගු වන බවත් පවසයි.

මින් පෙර සිටි රාජ්‍ය නායකයන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නව ව්‍යස්ථාවක් ගෙන ඒම සම්බන්දයෙන් ජනාධිපතිවරයා ප්‍රගතිශීලී මතයක සිටීම පැසසිය යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය එකගත්වයක් නොමැති අතර ඔවුන් පවසනුයේ වත්මන් ආණ්ඩුවට ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා ජනවරමක් ලැබී නොමැති බවය.

පසුගිය දා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ආණ්ඩුවේ එජාප, ශ්‍රීලනිප පාර්ශව අතර දැඩි වචන හුවමාරුවක් සිදු විය. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය දැඩි දෝෂදර්ශනයට ලක්කල අතර ඒ හේතුවෙන් කනස්සල්ලට පත්ව සිටින ශ්‍රීලනිපයේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු සිය පක්ෂ මුලස්ථානයට රැස්වී, මින් ඉදිරියට ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කිරීමට සාකච්ජා පවත්වා ඇති අතර, ඊට පෙර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තීරණය කර තිබේ.

Related posts

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

බදියුදීන්ගේ කට වසමින් ඇමරිකන් ගිණුම ගැන පොලිසියට පැමිණිලේ කෙරේ

colombotoday

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday