Colombo Today Local News

පක්ෂයක් වෙනුවට කණ්ඩායමක් හදාගත් සජිත් හැමදාම මට පරාදයි- නාමල්

එක්සත් ජාතික පක්ෂයේ බෙදිමට සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා කියා සිටියේ, ජනාධිපති මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට නැවත වතාවක් නායකත්වය ගැන ගැටළුවක් ඇති වු බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමේ දී තමා සතුටු වු බවද පැවසු නාමල් රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස සමඟ ප්‍රශ්නයක් නොමැති බවත් කියා සිටියේ ය.

සජිත් ප්‍රේමදාස මහතා හැමදාම තමාට පරාද වු බවද පැවසු ඒ මහතා, මෙවර පමණක් ඔහු කොළඹින් ඉදිරිපත් වන බවද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් හම්බන්තොට පරාජයට පත් වු බවද පැවසු නාමල් රාජපක්ෂ මහතා, ප්‍රේමදාස මහතා නව පක්ෂයක් නොව කණ්ඩායමක් පමණක් එක් කර ගත් බවද කියා සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එළියට පැමිණ පොදුජන පෙරමුණ නිර්මාණය කරන විට කිසිදිනක තමන් හඩා නොවැටුණ බවද පැවසු නාමල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය අද වන විට බෙදීමත් සමඟ ඉතා පහත් තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසීය.

එයට සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

හෙළ උරුමය රතන හිමිට එරෙහිව යුද ප්‍රකාශ කරයි.. වහා විනය පරීක්ෂණයක් කැදවයි !!

colombotoday

මුස්ලිම් වෙළෙන්ඳන්, ෂරියා / ඉහ්වාන් මිණීමරුවන් කරගැනීම – 2

colombotoday

09 වනදා සිදුවීම ගැන මහින්දගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයි

Admin