Colombo Today Local News

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමට දැඩි රැකවල් යොදවයි

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික යාත්‍රා නාවික යාත‍්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ද ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ ආසන්න කලාපයේ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකාවට නීති විරෝදී සංකත‍්‍රමණ නැවැත්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

නීති විරෝධී සංක්‍රමණ මෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් නීති විරෝධී මිනිස් ජාවාරම් ඇතුළු සියලු නීති විරෝදී ක‍්‍රියාවන් මැඩලීමට නාවික හමුදාව මෙසේ ස්ථානගත කර ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද ඔවුන්ගේ ආවේක්ෂණ යානා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉහළින් නිතර යාත්‍රා කරමින් නාවික හමුදාවට සහාය දෙන බවත් ශ්‍රී ලංකා යුද හමුදාව වෙරළ තීරය තීක්ෂණ චාරිකාවන් සදහා නිරන්තර යොදවා ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

Related posts

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

colombotoday

සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරයි… මන්ත්‍රීලා සභාගැබෙන් පිටවෙයි….

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපති ජනපති අතින් පත්වීම් ලබයි

colombotoday

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

Admin

පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයි

colombotoday