Colombo Today Local News

නිල ඇඳුම් වෙනුවට වවුචර් දීමෙන් මිලියන 538.5 ක අමතර වියදමක්‌ දරලා – විජයදාස රාජපක්‍ෂගෙන් පැමිණිල්ලක්‌

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2018 වසරේදී පාසල් දරුවන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීම නිසා රජයට රුපියල් මිලියන 538.5 ක අමතර මුදලක්‌ දැරීමට සිදු වී ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේදාස රාජපක්‍ෂ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත පෙත්සමක්‌ යොමු කරමින් සඳහන් කර ඇත.

පාසල් දරුවන්ට පෙර පැවැති ක්‍රමයට නිල ඇඳුම් ලබාදුන්නා නම් රජයට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 2145.5 ක්‌ වන බවත් නිල ඇඳුම් වෙනුවට වවුචර් ලබාදීම නිසා රජයට රුපියල් මිලියන 2685 ක වියදමක්‌ දැරීමට සිදුවුණ බවත් එහි සඳහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණය නිසා රජයට සහ ජනතාවට රුපියල් මිලියන 538.5 ක අමතර මුදලක්‌ දැරීමට සිදුවීමට අමතරව වවුචර් ලබාදීම නිසා නිමි ඇඳුම් පිටරටින් ගෙන්වීමට සිදුවීම නිසා විදේශිකයන්ට රුපියල් මිලියන 1044 ක මුදලක්‌ ඇදී යැම නිකුත් කළ වවුචර් නිකුත් කිරීමේ අරමුණින් පරිබාහිරව වෙනත් කූට ව්‍යාපාරවලට යොදා ගැනීමට ඉඩ සැලසීම වවුචර් මුද්‍රණය කිරීම සඳහා වැය වූ මුදල වූ රුපියල් මිලියන 11 න් 50% ක්‌ දේශපාලනඥයන්ගේ වර්ණ ඡායාරූප ඊට ඇතුළත් කිරීම සඳහා වැයවීම, වවුචර් මගින් ලැබෙන ඇඳුම් එකම ප්‍රමිතියකින් යුක්‌ත නොවීම, වවුචර් මගින් ඇඳුම් ලබාගැනීමේදී දෙමවුපියන්ට අමතර වශයෙන් ගමන් වියදම් සහ ශ්‍රමය වැය කිරීමට සිදුවීම ආදී කරුණු ද පෙත්සමේ සඳහන් කර ඇත

විජයදාස රාජපක්‍ෂ මහතා විසින් යොමු කර ඇති මෙම පෙත්සම මූලික පරීක්‍ෂණ සඳහා පොලිස්‌ ඒකකයට යොමුකර ඇති බවත් වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

Admin

ග්‍රාම නිලධාරීවරයෙක් මහ මග කපාකොටා ඝාතනය කරයි

colombotoday

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

colombotoday

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

colombotoday

රනිල්, අකිල ජනපති නියෝගයට උඩින් යයි.. පාසල් සිසුන්ට ටැබ් ලබා දීම ස්ථීරයි

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday