Colombo Today Local News

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මරා දැමීමේ සැලසුමක් තිබේ ද?

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් කියන්නේ තවත් එක් මිනීමැරීමේ උත්සාහයක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක්. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් පිළිබඳ ආරංචි වුණු වහාම සිද්ධ කරන පළමු දේ තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම. 1962 රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණය ආරංචි වුණු වහාම එහි සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත්තා. නියෝජ්‍ය පොලිස්පතිවරු වගේම හමුදාවේ කර්නල්වරු ඒ අතරේ හිටියා. රටේම ගෞරවයට පාත්‍ර වුණු පූජ්‍ය හේනපිටගෙදර ඥාණසීහ නායක හිමියන් තමයි රාමඤ්ඤ නිකායේ අධිකරණ සංඝ නායක හිමියන්. 1966 දී රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට උන් වහන්සේ සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම උන් වහන්සේගේ ගෞරවණීය තත්වය නොබලා අත්අඩංගුවට ගත්තා.

ඒ වගේම 1971 දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බොරු තොරතුරක් ලැබුණාම තමන්ගේ කෙනා කියලා බැලුවේ නෑ ආණ්ඩුව වහාම අත්අඩංගුවට අරන් සිර ගත කළා. ලංකාවේ විතරක් නොවේ. ලෝකය පුරාම තත්වය ඒකයි. නමුත් මේ ලෝක දහම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට පමණක් ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

නාලක සිල්වා කට ඇරියොත් තව කී දෙනෙකු අත්අඩංගුවට ගන්න වේවි ද දන්නේ නෑ. ඒ නිසා මෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි. නාලක සිල්වාගේ දේහය වල දාන කොට එයා දැන ගෙන සිටි රහස් සියල්ලත් සදහටම වැලලෙනවා. නාලක සිල්වා අත්අඩංගුවට නොගන්නේ ඔහු මරා දැමීමට ද යන සාධාරණ සැකය අපට දැන් තිබෙනවා.

ඔය අතරේ නාමල් කුමාර මානසික රෝගියෙක් බවට ප්‍රචාරයක් යවනවා. කිසිම මානසික රෝගයක් නැති අය තමන්ට තර්ජනයක් වන විට ඔහුට “පිස්සු“ කියන ලේබලය අලවා අංගොඩ නතර කිරීම පිළිබඳ මනා පලපුරුද්දක් සහ විශේෂඥ දැනුමක් තිබෙන ඇමතිවරයෙකු ආණ්ඩුවේ ඉන්න නිසා නාමල් කුමාරටත් සුකී තිලකසිරිට අත් වුණු ඉරණම අත් වෙන්න ඉඩ තිබෙනවා. අවසානයේ දී නාලක ඝාතනය වෙලා පස්යට වැලලී යාවි. නාමල් අංගොඩ යාවි. ඝාතන කුමන්ත්‍රණය ඝාතනය වේවි.

– අරවින්ද අතුකෝරල

Related posts

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 35 ක් දිවයිනට

colombotoday

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin

කුඩු සලිඳු සහ හරක්කටා රඳවා සිටි CIDයේ කුටි ආශ්‍රීත වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

Admin

පදික වේදිකාවල වාහන නැවත්තුවොත් පොලීසිය ඉවත් කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday