Colombo Today Local News

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

කැබිනට් නොවන අමාත්‍යවරු
රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය
වී. රාධක්‍රිෂ්නන් මහතා – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.

Related posts

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

colombotoday

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”

Admin

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday