Colombo Today Local News

දෙමළ ජනතාව ඡන්දය දිය යුත්තේ කාටද? LTTE ඩයස්පොරාවේ තීරණය නිවේදනය කරයි…

ප‍්‍රධාන අපේක්ෂකයින්ගේ දේශපාලන අරමුණු හා ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන් පිළිබඳ හොඳින් අවධානය යොමුකර, එළඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිත කරන්නැයි ජාත්‍යන්තර LTTE ඩයස්පොරාවේ ප්‍රධානතම සංවිධානය වන ග්ලෝබල් ටැමිල් ෆෝරම් හෙවත්, ගෝලීය දෙමළ සන්සදය උතුරු නැගෙනහිර ඇතුළුව ශ‍්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය දෙමළ සන්සදය පවසන්නේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයන්ගෙන් පොහොසත් බවයි.

ඒ තුළ දෙමළ ප‍්‍රජාවට වැදගත් වන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය, බලය බෙදීම සහ ප‍්‍රතිසන්ධානය සඳහා කැපවීම මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ගිවිසුම් සහ යෝජනාවන්ට ගරුකිරීම වැනි කරුණු අන්තර්ගත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 

එහෙත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකිරීම අතින් ශක්තිමත් වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් තුළ කටයුතු කිරීමේ කැපවීමක් ඒ තුළ දක්නට නොමැති බව ද එහි දැක්වෙනවා. 

දෙමළ ජනතාව මේ මොහොත්දී තීරණාත්මකව සිය ඡන්දය භාවිත කළ යුතු බවත්, එසේ නොවුනහොත් ගොඩනැගී ඇති නිදහස සීමාවී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, ගෝලීය දෙමළ සන්සදය පෙන්වා දෙනවා. 

ඒ අනුව ඉදිරි දේශපාලන දිශානතිය පිළිබඳ අවධානය යොමු කර සියලු දෙමළ ජනතාව සිය ඡන්ද ප‍්‍රකාශ කළ යුතු බවයි ගෝලීය දෙමළ සන්සදය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.     

Related posts

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

ජනතාවට නැති සහන ඉන්දියානු සමාගම්වලට දීලා… මේ ආණ්ඩුව ඉන්දියාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්

colombotoday

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයාට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි උපදෙස්

colombotoday

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday