Colombo Today Local News

ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා – එම්.ඒ. සුමන්තිරන්

ma sumanthiranත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව ඉටු කරමින් අදාල පනත අහෝසි කර එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම කඩිනම් කළ යුතු බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශ පිළිබද අයවැය කාරක සභා විවාදයට සහභාගී වී කල කතාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදීද එම පනත අහෝසි කිරීමට ආණ්ඩුව එකග වූ බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන් නිදහස් කිරිමේ කටයුතු පමාව තිබෙන්නේ එම පනත තවමත් ක්‍රියාත්මකව තිබෙන බැවින් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී සම්මත කල යෝජනාවේ සඳහන් අධිකරණ ක්‍රමවේදයක් පදනම් කරගෙන පරීක්‍ෂණ පැවැත්වුවද, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවන්, නීතිඥයින්, නීති විද්වතුන් ඇතුලත් කරගන්නා බව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට පොරොන්දු වී ඇති බවත් එහෙත් මේ පිළිබඳව රජය ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ජාත්‍යන්තරයෙන් හා රාජ්‍ය ‍නොවන සංවිධානවලින් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන අතර අධිකරණ අමත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ එම පනත සංශෝධනයට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

Related posts

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

පෙම්වතා සමග වීඩියෝවක් අන්තර්ජාලයට දැමීම ඉස්ලාම් නීතියට පටහැනියැයි තරුණියක් මරා දමයි

colombotoday

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකලාවට

colombotoday