Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකාර සහරාන්ට නායකත්වය දුන් පූජකයා අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු මොහොමඩ් සහරාන්ට නායකත්වය ලබාදුන් පූජකවරයා පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එම ප්‍රහාරයන් දියත් කිරීම සඳහා මොහොමඩ් සහරාන් දිරිමත් කරනු ලැබ ඇත්තේ, අදාළ පූජකවරයා  විසින් බව පොලීසිය පැවසී ය.

මේ අතර පාස්කු ඉරිදා දෙහිවල නවාතැන්පොළක් තුළදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව සැකකරුවන් 11 දෙනෙකු ද පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් අතර එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ ද වන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සහරාන් නමැත්තා පදිංචිව සිටි මඩකළපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊයේ පොලීසිය හා විශේෂ කාර්ය බලකාය පරීක්ෂාවට ලක් කළහ.

මඩකළපුවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී එහි භාරකරු ද නිවසේ සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සිකුරාදා රාත්‍රියේ නින්දවුර් ප්‍රදේශයේ නිවසක සිදුවු පිපිරිම්වලින් තුවාල ලැබුවන් අතර සහරාන් බිරිඳ සහ දියණිය සිටින බවට අනාවරණය වී ඇති බවයි.

මීට අමතරව සහරාන්ගේ රියැදුරු වන ගෆුර් නමැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී මඩකළපුව වව්නතිව් පොලිස් මුර පොළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිව තිබේ.

මේ අතර පාස්කු ඉරුදින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්, සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ඊයේ නාවලපිටියේදී අත්අඩංගුවට පත්වූහ.

ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ කොළඹ ලේක්ම් බව කියන පුද්ගලයෙකු ද බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබී ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් ෆාරුක් මෙහොමඩ් පවාස් නමැති අයෙකි.

මේ අතර සැක සහිත වාහන ලෙස මීට පෙර පොලිසිය නම් කර තිබු තවත් යතුරු පැදියක් ඊයේ නිට්ටඹුව තිහාරියේදී සොයා ගැනිණ.

බී.වයි.සී.2183 අංකය දරණ අදාළ යතුරු පැදිය හමුවුණේ, තිහාරිය ජුනයිඩ් මාවත මුස්ලිම් පල්ලිය ආසන්නයේ නිවසක සඟවා තිබියදීයි.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පොලීසිය කළ හදිසි සොදිසි මෙහෙයුමකදි අන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වූ පුද්ගලයන් 13 දෙනකු පොලිස් භාරයට ගැනුණ අතර අප වාර්තාකරු පැවසුවේ එම මධ්‍යස්ථානයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කළ බවයි.

කන්තලේ තඹලගමුව ශිරාජ් නගර් ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධ ක්‍රියාත්ම කළ සොදිසි මෙහෙයුමකදී නිවසක තිබි විදේශයක නිෂ්පාදිත බවට සැක කරන කඩුවක් හා හමුදාව භාවිත කෙරන වර්ගයේ පාවහන් යුගලක්, මෙන්ම පරිගණයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මාතර දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී විදේශ රටක යැයි සැක කෙරෙන හමුදා ඇඳුම් කට්ටල 4ක් කඩු 4ක් ඇතුළු ආයුධ තොගයක්, උණ්ඩ 107ක් සහ ඉස්ලාමීය ග්‍රන්ථ කිහිපයක් ද තම භාරයට ගත් බවයි.

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට  සැකපිට පුද්ගලයින් 140 කට අධික පිරිසක් අත් අඩගුවට ගෙන තිබේ.

මේ අතර කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බලප්‍රදේශවලට පමණක් නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

Newsfirst.lk

Related posts

කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙනවා..

colombotoday

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday

වඩමාරච්චි මෙහෙයුම හදපු කතාවක්. | ප්‍රභාකරන් හිටියේ යාපනේ. | සටන තිබ්බේ විනාඩි 30 යි. – සරත් ෆොන්සේකා

colombotoday