Colombo Today Local News

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

glyposet

මෙරට භාවිතය තහනම් කර ඇති වකුගඩු රෝගයට මුල්වන ග්ලයිෆොසේට් වල් නාශකය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තවදුරටත් අලෙවි කරන බව එහි කෘෂි රසායන අංශයේ වාර්තාවකින් හෙළිවී ඇත.

එකී වාර්තාවට අනුව විවිධ ප්‍රමාණ වශයෙන් ඇසිරූ ග්ලයිෆොසේට් කාණ්ඩ 05 ක් ගෙන්වන බව අනාවරණය වේ. 36%ක වූ ග්ලයිෆොසේට් ලීටර් 01, 02, 04 හා මිලිලීටර් 200, 400 කාණ්ඩවලින් මෙලෙස ගෙන්වා අලෙවිකර ඇත.

ග්ලයිෆොසේට් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථා කෘෂි රසායන අංශයේ බලධාරීන් හෝ අලෙවි අංශයේ බලධාරීන්ගේද අනුදැනුම තිබිය යුතුය.

ග්ලයිෆොසේට් ගෙන්වීමේ රාජ්‍ය වගකීම හිමි වූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වුවද ග්ලයිෆොසේට් තහනම සමගින් එය අලෙවි කිරීමට ඇති හැකියාව ව්‍යර්ථ විය. ග්ලයිෆොසේට් වල් නාශකය ආසනික් හා කැඩ්මියම් බහුලව අන්තර්ගත කෘෂි රසායනයක් වන බව පසුගිය කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් කළ පරීක්ෂණයකින් අනාවරණය වූ අතර, වකුගඩු රෝගය බහුලව පැතිරීමටද එය හේතුවක් වන්නේ යැයි අනුමාන කෙරෙයි.

Related posts

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin