Colombo Today Local News

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් වෙනත් අංශයකට භාර දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සොයමින් සිටිය දී තමිල්නාඩුවට පැනගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියාව වැඩිදුර පරීක්ෂණ සඳහා කොයිම්බර්තෝ(ර්) අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට බාර දී තිබේ.

ප්‍රදීප් කුමාර බණ්ඩාර නම් එම පොලිස් නිලධාරියාව රාමනාථපුරම් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා ද ඉන්දියාවේදී මියගිය බව පැවසෙන “අංගොඩ ලොක්කා“ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ පොලිස් නිලධාරියාව අනුයුක්ත කර තිබේ.

පසුගියදා සපුගස්කන්ද ප්‍රදේශයේදී සොයාගත් හෙරොයින් කිලෝ 23 ඔහු විසින් එම ස්ථානයට ගෙන ගොස් තිබේ. එම හෙරොයින් තොගය හමු වූයේ පොලිස් කොස්තාපල්වරයාගේ සොහොයුරාගේ ලී මඩුවේ තිබිය දී ය.

එම පුද්ගලයා පොලීසියට පවසා තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි සිය සොහොයුරා හෙරොයින් ගෙනැවිත් සිය වඩු මඩුවේ සඟවා තබන බවය.

Related posts

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

colombotoday

ඇඟළුම් අපනයන ආදායම අඩු වෙයි

Admin