Colombo Today Local News

ටී එම් වී පි මහලේකම් අත්අඩංගුවට

තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා අද(12)දින අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ අංශ නිලධාරීන් විසින් අද උදෑසන ඒ මහතා මඩකලපුවේදි අත් අඩංගුවට ගෙන තිබිණි.

2008 වසරේ ආරයම්පතිහි ද්විත්ව ඝාතන නඩුව සම්බන්දව ඔහු සාක්කිරුවන්ට තර්ජනය කළැයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005.12.25වන දින මඩකලපුව ශාන්ත මරියාල් දෙව් මැදුරතුළ නත්තල් සමරමින් සිටියදී ඝාතනය කරන ලද සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරන කමිටු සම සභාපති සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත් ටි එම් වී පි පක්ෂයේ මහ ලේකම් ප්‍රෂාන්තන් පසුගිය මහ මැතිවරණයේ තරග කර ඡන්ද 16,000 ක් ලබා තිබීම විශේෂත්වයකි.

Related posts

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

ගාලු මුවදොර අරගල භුමියට ආ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්

colombotoday

ජනපති ආ උත්සවයේ ‘පන්සිල් ගැනීම‘ මගහරී.. හිමිනමක් නැගිට විරෝධය දක්වයි (Photo)

colombotoday

වරායට විශ්‍රාමික නාවික හමුදාපති කෙනෙක්

Admin

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

colombotoday