Colombo Today Local News

ජාතික ආණ්ඩුව සූදානම්… එජාපයට පැන්න ශ්‍රීලනිප අය ඇමතිකම් ඉල්ලා ජනපතිට ලියයි…

අමාත්‍යධූර ලබා දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තාවනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්‍ෂමන් සෙනෙවිරත්න සහ ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙසයි ජනාධිපතිවරයාට එමගින් යෝජනා කර ඇත්තේ.

එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි කරන ලෙසට ඉල්ලා එම යෝජනාව ඉදිරිපත් කර  තිබෙනවා.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට සහ ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධූර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකමැත්තක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ද වැඩිදුරටත් සඳහන්.

Related posts

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday

විභාග මධ්‍යස්ථාන තුල සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ ගැටළු 1988 ට කියන්න – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

“ඇමතිවරුන්ට කෝටි 118ක වාහන ගන්න ව්‍යාපෘතිය නවතා නෑ.. රට වටේ යන්න සැප වාහන ඕනමයි” – රාජිත

colombotoday