Covid 19World

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

40 හැවිරිදි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත්වු පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ වන විට ජර්මනියෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 391,355 දෙනෙකු වාර්තා වී තිබේ.

එමෙන්ම එරටින් කොවිඩ් මරණ 9,999ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

BREAKING : ඉක්වදෝරයට 6.7 ක දරුණු භූ කම්පනයක්

colombotoday

රුසියානු නාවික කඳවුරකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

colombotoday