Colombo Today Local News

ජනමාධ්‍ය ජනපති යටතට… ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය චරිත හේරත්ට….

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මේ අතර ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් මහතා පත්කර ඇත.

Related posts

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

colombotoday

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් ලංකාවට

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday

ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවයි.

colombotoday

වේගෙන් යන්න එපා කියූ අයෙක් අවසන් ගමන් යවයි

colombotoday

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin