Colombo Today Local News

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා රජයේ ආයතනයක් තවත් රජ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද පවසා ඇත.

මෙවැනි ක්‍රියාවලින් එම ආයතන පිරිහීමට ලක්වනවා මෙන්ම පරිභෝගික ජනතාවද පීඩනයට පත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

එබැවින් මෙම අර්බුදය වහා විසඳා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කර ඇතැයි වාර්තා වේ.

Related posts

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

රඳවා තිබූ පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි – මුදල් නොගෙවූ තවත් නැව් 3ක් කොළඹ වරායේ

colombotoday

මැතිවරණයට පෙර මේ ආණ්ඩුව පන්නනවා – බදියුදීන්

colombotoday

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

Admin

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

colombotoday