ග්රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවන් හත් දෙනෙක් පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාළාත් පාලන මන්ත්රීවරයෙක්ද සිටින බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.