Covid 19

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වෙයි

ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන බව නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.

එම මන්ත්‍රීවරයා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා යොමු කර තිබේ.

ඒ හේතුවෙන් ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ නගර සභා පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගත් බවත් නගර සභාවේ කටයුතු අතවශ්‍ය රාජකාරී සඳහා පමණක් සීමා කර ඇති බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.

මෙම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ පදිංචි මාළු වෙළඳුන් කිහිප දෙනෙක් කොවිඞ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රයකුගෙන් මන්ත්‍රීවරයාට ද වෛරසය ආසාදනය වන්නට ඇති බවත් සැකකරන බවද නගරාධිපතිවරයා කීවේය.

Related posts

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

colombotoday

තවත් කොවිඩ් මරණ 92ක් – අවුරුදු 30ට අඩු දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

ඊයේ කොවිඩ් මරණ 21ක්

colombotoday

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday