Uncategorized

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

පිටකොටුව – ආදුරුප්පු වීදිය මහල් නිවාස සංකිර්ණයක ගබඩාවක තිබී ගබ්සා පෙති ඇතුලූ  නීති විරෝධි ඖෂධ වර්ග 76,000ක් සමග අත්අඩංගුවට ගත් පියා සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැරිමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.

ආදුරුප්පුවීථිය පොලිසිය විසින් මොවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මහේස්ත්‍රාත් අරුණි ආටිගල එහිදී නියෝග කළේ සැකකරුවන් රුපියල් ලක්ෂ 2 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායමක් පසුගියදා මෙම ගබඩාව පරික්ෂාවට ලක් කරනු ලැබුවේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සිටින බවට ලද තොරතුරකට අනුවයි.

එහි දී මෙම නිති වීරෝධි ඖෂධ තොගය සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් පමණ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

වැටලීමේදී 62 හැවිරිදි එම්.අයි.එම්.ෆසාදීන් සහ ඔහුගේ පුත්‍රයා වන 34 හැවිරිදි ඒ.සී.එම්. සිල්මුදීන් නැමැති මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ කොළඹ සහ අනෙක් ප්‍රදේශවලට මත්පෙති ඇතුළු ගබ්සා පෙති බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙය පවත්වාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකරුවන් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සබඳතා පවත්වා ඇතැයි පවතින සැකය සහ නීතිවිරෝධි මත්පෙති අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන නිසා ඇප ලබාදීමට විරෝධය පළ කරන බවයි පොලිසිය අධිකරණයට හමුවේ කියා සිටියේ.

එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ මොවුන් ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ නම් රඳවාගෙන ප්‍රශ්න කළ යුතු බවයි.

ඊයේ ඇප නියම වූ 62 හැවිරිදි සැකකරුගේ අනෙක් පුත්‍රයා පාස්කු ඉරුදින බෝම්බ පිපිරිම සිදුවූ දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස අසලින් සැකපිට පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුගේ නිවස ද පිපිරිම සිදුවු නිවස ආසන්නයේම පිහිටා ඇති අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 170ක් ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ.

Related posts

විදෙස් ණය වල පොලී ගෙවන්න වසරේ මුළු රාජ්‍ය ආදායමත් මදි…

colombotoday

“පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපති හමුවේ

Admin

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday