World

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

කොවිඩ්-19 වෛසරය සඳහා බ්‍රිතාන්‍යය විසින් නිපදවූ එන්නතක් අද (23වැනිදා) නිල වශයෙන් මනුෂ්‍යයින් යොදාගෙන සායනිකව අත්හදා බැලීමට නියමිතය.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය අමාත්‍ය මැටි හැන්කොක් පවසන්නේ ප්‍රතිඵල ලැබෙන තුරු මෙම එන්නත පිළිබඳව විශේෂිත නමක් පැවසීමෙන් වැළකී සිටින බවයි.

කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් සරසවි වාර්තා අනාවරණය කරන ආකාරයට මිනිසුන් යොදාගෙන අත්හදා බලන මෙම එන්නත සාර්ථක වීමට සියයට අසූවක අවස්ථාවක් පවතින බවයි.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් විසින් සිදු කරන මෙම එන්නත නිර්මාණය කිරීමේ වැඩසටහනට පවුම් මිලියන විස්සක් රජයෙන් ලබා දී ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට අමතරව කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් නිපදවීමේ තවත් වැඩසටහන් තුනක් බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව ආරම්භ කර ඇත.

Related posts

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin

මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයි

Admin

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

Admin

රුසියාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වේ.

colombotoday

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin