Covid 19World

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

ජිවිතයේ සැඳැසමය වැඩිහිටි නිවාසයක ගෙවමින් සිටි වැඩිහිටියන් 31 දෙනෙක් දින 20 තුලදි කොරොනා වසංගතයට ගොදුරුව අවසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂිය පළාතේ කුයින්සානො ප‍්‍රදේශයෙන් වාර්තා විය.

ඉතාලියේ වැඩිහිටියන් මෙම වැඩිහිටි නිවාස වල බොහො පහසුකම් මැද ඉතා සැපවත්ව සතුටින් මෙන්ම සියලු වෛද්‍ය හා ප‍්‍රතිකාර අධික්ෂණය මැද ජීවත් වීම සාමාන්‍ය තත්ත්වයකි .

මෙම සාත්තු නිවාසයන්ට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම සීමා කර ඇති අතර ඥාතින්ගෙ පැමිණීමද සාමන්‍යයෙන් පෙර දැනුම් දීමකින් මත සිදුවන්නකි. එවන් ආරක්ෂිත තත්ත්වයක් තුල සිටි මෙම වැඩිහිටියන් හට වසංගතය පැතිරිම සම්බන්ධයෙන් බලධාරින් විමතිය පළ කරයි.

මියගිය වැඩිහිටියන් බහුතරයක් වයස අවුරුදු 70 ත් 90 අතර වයසේ පසුවන බවත් ඔවුන් විවිධ රෝගාබාධ වලින් පෙළෙමින් සිටි අය බවද බේ්‍රෂියා සෞඛ්‍ය බලධාරින් පැවසීය.

මෙම සාත්තු නිවාසයේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ සේවය කරන 80 කට අධික කාර්ය මණ්ඩලයේ බහුතරයක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති හෙයින් අනෙක් වැඩිහිටියන්ගෙ ප‍්‍රතිකාර හා සේවය සඳහා කාර්ය මණ්ඩලයේ හිඟයෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද වාර්තා වේ .

මේ අතර ඉතාලියේ ඊයේ (26) සවස් වනවිට කොරොනා රෝගීන් අසුදාස් පන්සීය තිස්නමයක් හමු වි ඇති අතර මරණ අටදාස් එකසියහැටපහක් දක්වාද වර්ධනය වි තිබෙන අතර රෝගි වු පිරිසෙන් දසදහස් තුන්සිය හැට එකක් සුව වි තිබේ.

ඊයේ (26) දිනයේ නව අසාදිතයන් හයදාස්එකසිය පනස්තුනක් හමුවීමේදි මරණ හයසිය හැටදෙකක් සිදු වි ඇති බව ඉතාලි සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉතාලියේ ජිවත් වන ලාංකිකයන්ද මේ දිනවල පවතින සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගි තත්වයන් හේතුවෙන් විවිධ නගරවල නිවෙස්වල සිටම ප‍්‍රතිකාර ගන්නා බව වාර්තා වන අතර කිසිදු ලාංකිකයෙක් ඉතාලියේ කොරොනා රෝගය වැළඳි රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා බවත් ඉතාලි සෞඛ්‍ය අංශ වාර්තා කර නොමැත.

ලාංකිකයන් බොහො පිරිසක් රැකියාවල නිරතවෙමින් තිබෙන්නේ ඉතාලි රජය අත්‍යාවශ්‍ය සේවාවන් අනිවාර්ය කිරිම හේතුවෙන් එම සේවාවලට අදාල රැකියාවල ලාංකිකයන්ද නිරත වීම හේතුවෙනි.

එමෙන්ම සියලුම ආහාර හා ඔසු සැල් විවෘතව තිබෙන අතර කිසිදු හිඟයකින් තොරව පනවා ඇති නීතිරිති අනුව එවාට අනුගත වෙමින් තම අවශ්‍යතා සපුරා ගැනිමට ඉඩ සලසා තිබේ.

මේ තත්ත්වය යටතේ මෙරට ජනතාව බෝහෝ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් තම සෙවාවන් හා අවශ්‍යතා සපුරා ගනිමින් සිටින අතර ඉදිරි සති දෙක තුළදි මෙම තත්ත්වය යහපත් තත්ත්වයට පත්වෙතැයි බලාපොරොත්තුවෙන් සිටි.

Related posts

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin

තවත් බන්ධනාගාර කොවිඩ් ආසාදිතයන් 122ක් හදුනා ගැනේ

colombotoday

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday