Colombo Today Local News

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 29 දෙනෙකු අද(12) වනවිට අංගොඩ අයි.ඩී.එච් රෝහල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
 
ඒ අනුව, අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 8දෙනෙකු සහ කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල, රත්නපුරය ශික්ෂණ රෝහල සහ රිජ්වේ ළමා රෝහල යන රෝහල්වල එක් රෝගියකු බැගින් ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
මීට අමතරව කරාපිටිය රෝහලේ රෝගීන් දෙදෙනෙකු, අනුරාධපුර රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ තිදෙනෙකු, ගම්පහ දිස්ත්‍රික් රෝහලේ තිදෙනෙකු, මීගමුව රෝහලේ සිව්දෙනෙකු ආදී වශයෙන් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවද එම අංශය පවසයි.

ලංකාදීප

Related posts

දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්

colombotoday

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

colombotoday

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

colombotoday