එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා වූ ලෙස කටයුතු කළ එමිල් කාන්තන් අත්අඩංගුවට ගැනීමට මෙරට අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව සහ ඔහු අත්අඩංගුවට ගැනීම සදහා අන්තර් ජාතික පොලීසියේ සහය ඉල්ලා නිකුත් කර තිබූ රතු නිවේදනය අධිකරණය විසින් ඉවත් කර තිබේ.
එමිල් කාන්තන් මෙරටට පැමිණ අධිකරණයට බාරවන බවට ඔහුගේ නීතීඥයා විසින් දැනුම්දීම හේතුවෙන් කොළඹ විශේෂ මහාධිකරණය විසින් මෙලෙස වරෙන්තුව සහ රතු නිවේදනය අහෝසි කළ බවයි වාර්තා වන්නේ.
දෙසතියක් ඇතුලත එමිල් තාන්තන්ට අධිකරණයට බාර වන්නැයිද අධිකරණය දැන්වීය.