පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙරට තුළ ක්‍රියාත්මක අයි.එස්.අයි.එස් මතවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ජනාධිපති ආරක්ෂක අංශය දැනුවත් කර තිබුණ ද, කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දැනුවත් කිරීමක් සිදුනොකළ බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.
ඒ ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට ජනාධිපතිවරයාට පැවති ආරක්ෂාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අවස්ථාවේ දීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (29) දිනයේදී දෙවන සාක්ෂිකරු ලෙස ජනපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී එස්.ජී. සතරසිංහ මහතා කැඳවා තිබුණි.
එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් 2019 පෙබරවාරි මස තක්සේරු කිරීමේ රැස්වීමක් පැවතියේද යන්නය.
එම වසරේ නිදහස් උත්සවයට ප්‍රථම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබාගත් අතර එහිදී රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් ඊට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර ඉරානය සහ ඉරාකයේ අයි.එස්.අයි.එස් සංවිධානය පසුබෑමකට ලක් වී ඇති හෙයින් තම සමාජිකයන් මව් රටවලට යවා ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රහාර එල්ලකිරීමේ සුදානමක් ඇති බවට ඔහු පැහැදිලි කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එසේ පිටත් කර හැරි දෙදෙනෙකු මෙරට වැල්ලම්පිටියේ සහ දෙහිවල ප්‍රදේශවල සිටිනා බවය.
එසේම පෙබරවාරි මස 15 වන දින තවත් රැස්වීමක් පැවති අතර එයට රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගි වු පොලිස් අධීකාරී ජනක සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාව තුළ සිටි අයි.එස්.අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරීන් 28 දෙනෙක් සිරියාවට පිටව ගොස් ඇති බවත් ඉන් 03 දෙනෙක් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවත් දැනුම් දුන්නේ යැයි සාක්ෂිකරු පැවසුවේය.
මෙරට තුළ අයි.එස්.අයි.එස් මතවාදය දරන්නන් 100 වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් කොළඹ මහනුවර, සහ මඩකලපුව යන ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටින බවත් රාජ්‍ය බුද්ධි නිලධාරියා තමන්ව වැඩිදුරටත් දැනුවත් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් 12 වෙනි දින මඩකලපුවේ වෙබර් ක්‍රිඩාංගනයේ පැවැති රට වෙනුවෙන් එකට නැඟිටිමු උත්සවයට සහභාගි වීමට නියමිත වු බැවින් රාජ්‍ය බුද්ධි සේවයෙන් රහස්‍ය තොරතුරු වාර්තාවක් කැඳවු බවය.
2019 අප්‍රේල් 01 දින අදාළ ලිපිය අප්‍රේල් 10 වනදා ජනාධිපති ආරක්ෂක අංශයට ලද එම වාර්තාව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් යොමුකර තිබු බව සාක්ෂිකරු සඳහන් කළේය.
ජනාධිපතිවරයාට අන්තවාදී හෝ ත්‍රස්වාදී කණ්ඩායමක තර්ජනයක් නොමැති බව එහි සඳහන් වුවද අයි.එස්.අයි.එස් මතවාදය දරන්නගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්දයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙස එහි සටහන් වු බව සාක්ෂිකරු කියා සිටියේය.
එසේම කාතන්කුඩියේ ක්‍රියාත්මක ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් මෙරට නීති පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් අන්‍යාගිමකයන් විවේචනය කිරීමේ ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරනය කර ඇති අතර ඔහුට අනුගාමිකයන් විශාල පිරිසක් නැඹුරුවී ඇති බව එහි සඳහන් වුයේ යැයි ද සාක්ෂිකරු පැවසීය.
මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් 18 වනදා පැවති ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීමේ රැස්වීමේදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබි තිබු බව රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපති ආරක්ෂයක අංශය දැනුවත් කළේද යන්නය.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, එම රැස්වීමටද රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජනය කරමින් පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා සහභාගි වු අතර ඔහු ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වු තොරතුරක් පිළිබඳ දැනුවත් නොකළ බවය.
කෙසේ වෙතත් එම රැස්වීමෙදි කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාන් නැමැති පුද්ගලයෙකු අන්‍යාගමිකයන් ඝාතනය කළ යුතු බවට අනුගාමිකයන් දැනුවත් කරමින් සිටින බවට තොරතුරක් පොලිස් අධිකාරිවරයා විසින් දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
මෙහිදි අතිරේක සොලිසිටි ජනරාල්වරිය යළි විමසා සිටියේ 2018 වසරේ දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සහ 2019 වසරේ ජනවාරි 16 වැනි දින වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිදුවීම අතර සම්බන්ධයක් ඇති බවක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා මෙම රැස්වීමේ දී අනාවරණය කළේද යන්නය.
එයට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ එවැනි කිසිදු තොරතුරක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා අප්‍රේල් 18 රෑස්වීමේ දී අනාවරණය නොකළ බවය.
හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ලේකම්වරයෙක් වූ තෂ්ලිම් නැමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ දැරීමක් හෝ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරා යාමක් පිළිබඳව කරුණු වාර්තා කළේද යන අතිරේක සොලිසිටි ජනරාල්වරිය යොමු කළ ප්‍රශ්නයටද සාක්ෂිකරු ලබාදුන්නේ “නැත” යන පිළිතුරය.
මෙහිදි අතිරේක සොලිසිටි ජනරාල්වරිය විමසා සිටියේ, “අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයක් එල්ලවන බවට වූ බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපති ආරක්ෂක අංශයට වාර්තා නොකිරීම ඔවුන්ගේ රාජකාරිය පැහැර හැරීමක් නොවේ ද ? ” යන්නය.
එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, එය පැහැදිලි ලෙසම රාජ්‍ය බුද්ධි සේවය රාජකාරිය පැහැර හැරීමක් වන අතර රාජ්‍ය නායකයාගේ ජීවිතය අනතුරේ හෙලීමක් බවය.