Colombo Today Local News

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්‍රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට යෝජනා වී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා මෘදු ණය යෝජනා ක්‍රමයක් ලෙස අරමුදල් සැපයීමට ඔස්ට්‍රියාවේ Raiffeisen Bank International AG ආයතනය එකඟතාවය පළ කරනු ලැබ ඇත.

ඒ අනුව මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන එකම ඔස්ට්‍රියානු නිෂ්පාදක හා සැපයුම්කරු වන AVL List GmbH වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ලබාගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday

වව්නියාව කොක්එළියට යළි තර්ජන.. ආයුධ සන්නද්ධ කල්ලියක් සිංහල ගම්වැසියන් එලවා දමයි

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday