තමන් නැවත කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සූදානමක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත සේනානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
තමනට අද උපහාස කරන එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයන් තමා නැවත පක්ෂයට එක් කරගැනීම සඳහා තම නිවසට පැමිණ වැද වැටුනු බවද ඔහු කියා සිටියේය.
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජයග්රහණය කරනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.