Colombo Today Local News

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා විසින් භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනාගෙන ඒවා නිසි අයිතිකරුවන්ට භාරදීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩිනම් වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට අත්පත් කරගෙන සිටින පෞද්ගලික ඉඩම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස එම ඉඩම් හිමියන්ට දැනුම් දී ඇති අතර එම තොරතුරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ලබන 09 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

Related posts

හය හැවිරිදි දරුවා තේ දළු ලොරියකට බිලි

Admin

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

නි.පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කර කප්පම් ගත් පුද්ගලයන් සොයා විමර්ශන ඇරඹෙයි

colombotoday

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

Admin

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

colombotoday

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday