ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව කල්තබා නැවත කැඳවීමේදී සිදුවන පළමු කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් ස්ථාවර නියෝග 135 වන වගන්තිය යටතේ ස්ථාවර නියෝග අත්හිටුවා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනඒ්මට කටයුතු කළ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බවයි.
මේ වනවිට පාර්ලිමේන්තුව ඇතුළත හා ඉන් පිටත දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත්තේ එම උණුසුම්කාරී තත්වය මධ්‍යයේය.