Colombo Today Local News

ඉල්ලා අස්වූ ඇමතිවරුන් තිදෙනෙකුගේ අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ තනතුරු සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.

නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන – වැඩබලන නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා –  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය

ඔවුහු අද (10දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති‍ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ නව අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබේ.

Related posts

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

colombotoday

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

Admin

ගම්පහ වැලි, පස් ජාවාරම අස්සේ මිනිස් ජීවිත 40ක් බිලි අරන් !

colombotoday

මොරටුව විශ්වවිද්‍යාලය ලබා දුන් ගෑස් වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලයි

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday